30th December 2017 18:06:11 Hours
ඇල්පිටිය, පිටිගල පිහිටි ශ්‍රී ලංකා පුරෝගාම් බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඇති බෝධීන් වහන්සේ සඳහා නවතමයෙන් ඉදිකරන ලද රන් වැට හා බෝධි ප්‍රාකාරය විවෘත කිරිම පසුගිය සඳුදා (18) දින ඉතාමත් චාම් අන්දමින් සිදුකෙරිණි.
දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන විශ්‍රාමික කර්නල් දීපාල් තෙන්නකෝන් ගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකා පුරෝගාම් බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බෝධින් වහන්සේ වෙනුවෙන් මෙම රන් වැට හා බෝධි ප්‍රාකාරය ඉදිකරන ලදි.
2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පුරෝගාම් බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩි.ඒ.එස් කොළඹආරච්චි විසින් කරන ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ටි.ටි.පි සිල්වා විසින් මෙම නවතමයෙන් ඉදිකරන රන් වැට හා බෝධි ප්‍රාකාරය විවෘත කරන ලදි.
ශ්‍රී ලංකා පුරෝගාම් බලකා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඩි.ආර් වික්‍රමආරච්චි, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මේ සඳහා එක්වුහ.
Running sport media | FASHION NEWS