2019 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය ජුනි මස 15 සහ 16 යන දෙදින තුළ තායිලන්තයේ චියැන්ග්මායි නගරයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා මෙවර (ජපානය, කොරියාව, වියට්නාමය, නේපාලය, බංගලාදේශය, මැලේසියාව, ලාඕසය, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, හොංකොං, චීනය - තායිපේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව) රටවල් 16 ක සහභාගීත්වය පවත්වනු ලැබීය.
මෙවර මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු තරඟ වැදුණු අතර, එහිදී, (කිලෝග්‍රෑම් 55 ට අඩු) බර පන්තියේ රන් පදක්කමක් දිනාගැනීමට යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් කේ.එල්.එස්.එම් සුරවීර සමත් විය.
තවද, ශ්‍රී ලංකාව නියෝජනය කළ තරඟකරුවන් තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගත්හ.