Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2017 10:15:10 Hours

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කිලිනොච්චි ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

කිලිනොච්චි, කොරක්කන්කඩ්ඩු හි පිහිටි ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් සදුදා (06) දින රෝහල් පරිශ්‍රයේ දි ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල ගලගමගේ ගේ සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත් සුභසිංහගේ අධික්ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු හා සෙසුනිලයින් 25 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයන් 26 දෙනෙකු මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගි වු අතර, සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් අතර පවතින සමගිය සහ සංහිඳියාව මෙයින් පිළිඹිබු වේ.

spy offers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ