Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2018 19:03:28 Hours

ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් සඳහා කිලිනොච්චි භට පිරිස්හි සහය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හි භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් ජූනි මස 12 සිට 14 දින දක්වා දියත් කරනු ලැබීය.

651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් අක්කරායම්කුලම් පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

Authentic Nike Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases