Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2018 16:10:07 Hours

වඳවීයාමේ තර්ජනයන්ට ලක්ව ඇති දේශීය ඖෂධිය පැළෑටි වර්ග 200 ක් සුරකීමට යුද්ධ හමුදා සහාය

අනුරාධපුර ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍ය, වෛද්‍ය කලානිදි සම්මාන ලාභී දොස්තර එස්.එස්. ගුණවර්ධන මහතා විසින් වර්තමානයේ දී වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇති දේශීය ඖෂධ පැළ වර්ග 200 ක් සංරක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා සහාය ලබාදෙන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාව මෙම දුර්ලභ ශාක පැළ දිවයිනේ නොයෙකුත් ස්ථානවලින් රැගෙනවිත් අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ එම ශාක පැළ සංරක්ෂණය කිරීම සඳහා පියවරගෙන ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව යුද්ධ හමුදා කෘෂීකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දුර්ලභ ශාක පැළ රෝපණය කිරීම අධික්ෂණය කරනු ලැබේ.

වවුනියාව, ‘මෑණික් ෆාම්’ යුද්ධ හමුදා කෘෂිකාර්මික ගොවිපලේ කෘෂි උපදේශකවරුන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ භට පිරිස්, දේශීය වෛද්‍ය දෙපාර්තුමේන්තුව සමඟ සමීප සහයෝගිතාවයෙන් ආයුර්වේද වෛද්‍ය ගුණවර්ධන මහතාට අයත් ඔයාමඩුව ප්‍රදේශයේ ඉඩමක, මීට දින කිහිපයකට ඉහත දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

පරිසර අමාත්‍යංශයේ ‘වන රෝපා’ ජාතික ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක හරිත ගම්මාන’ සංකල්පය අනුව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් බූවනෙක ගුණරත්න ගේ මඟපෙන්වීම යටතේ ‘සුදු සඳුන්, රත් හඳුන්, බෙලි වැනි දුර්ලභ ශාක සොයාගෙනවිත් මෙසේ මතු පරම්පරාව වෙනුවෙන් රෝපණය කරන ලදි.

අනුරාධපුර පිහිටි 21 වන සේනාංකයේ භට පිරිස්, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ භට පිරිස් සමඟ එක්ව ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය ගුණවර්ධනට අයත් අක්කර දෙකක ඉඩමේ පැළ රෝපණ කටයුතු සඳහා සිකුරාදා (05) දින සහාය විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ මඟපෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය පවත්වනු ලැබු අතර, පැළ රෝපණය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහභාගි විය. තම්මැන්නා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීපාවල සිරිසුමන හිමි විසින් සෙත් පිරිත් සඡ්ඡායනාවක් සහ ආගමික වතාවත් සිදු කරමින් මෙම ව්‍යාපෘතියට ආශීර්වාද එක් කළහ.

මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති, වෛද්‍ය එස්.එස්.ගුණවර්ධන, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Asics shoes | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!