Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2016 18:17:24 Hours

යුද හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වූ කොලොන්නාව පාසල් සිසුන් සඳහා ස්වේච්ඡාවෙන් නිළ ඇදුම් මසාදෙයි

පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුරෙන් විපතට පත් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයට අයත් පාසල් 19 ක් ආවරණය වන පරිදි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ පාසල් නිල ඇදුම් මසාදීමේ සුවිශේෂී වැඩසටහනක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත යුද හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍ර‍ථම අදියර ලෙස අද (07) දින කොලොන්නාව, කුරිනියාවත්ත, ශ්‍රී අභීනවාරාමය හි දී පාසල් 10 ක සිසුන් 7000 ක් සඳහා යුද හමුදාව විසින් නිල ඇඳුම් මැසීම ආරම්භ කිරීමේ චාම් උත්සවයක් පැවති අතර, ඒ සඳහා යුද හමුදාපති වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය. ශ්‍රී අභීනවාරාමාධිපති සහ ප්‍ර‍ධාන සංඝනායක පූජ්‍ය රඹුක්වැල්ලේ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය යටතේ අඟහරුවාදා (07) දින පැවති මෙම උත්සවය සඳහා මෙම පාසල්හි 10 හි විදුහල්පතිවරුන්, එම පාසල් නියෝජනය කරමින් සිසුන් පිරිසක්, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් අමිතා දොඩන්වල මිය, කොලොන්නාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා දම්මි කොඩිකාරාච්චි මිය මෙන්ම දෙමාපියන් සහ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගි වූහ. රණවිරු ඇෆරල්ස් ආයතනයේ නවීන යන්ත්‍ර‍ සූත්‍ර සහ තාක්ෂණය යොදා ගනිමින් යුද්ධයෙන් ආබාධිතවීමෙන් පසු තම හැකියාවන් වැඩිදියුණු කර ගත් වෘත්තීමය නිපුණතාවයක් ඇති සෙබලුන් විසින් අද (7) ශ්‍රී අභිනවාරාමයේ දී එම නිළ ඇදුම් මැසීම ආරම්භ කරනු ලැබීය. 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් චමින්ද රණසිංහ ගේ අධීක්ෂණය යටතේ මෙම නිළ ඇදුම් ඉතා කෙටි කාලයක් තුළදී මසා නිම කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රෙදි පිළි ලබා දීම රජය මගින් සිදු කරන අතර, විහාරස්ථාන භූමිය තුල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී නිල ඇදුම් මැසීම ආරම්භ කිරීමට පෙර මේජර් ජෙනරාල් රණසිංහ, ප්‍රාදේශිය ලේකම් සහ විදුහල්පතිවරුන් විසින් සංකේතාත්මකව ඔවුන් විසින් කපන ලද රෙදි එම ශීල්පින් වෙත භාරදෙනු ලැබීය. ගංවතුර ඇති වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ දී ඉන් වඩාත් අහිතකර ලෙස ගංවතුරෙන් පීඩා ඇති වූ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පාසල්වල දුවා දරුවන් සඳහා නිළ ඇදුම් මසාදීමේ සුවිශේෂි ව්‍යාපෘතිය යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත රණවිරු ඇපරල්ස් ආයතනය විසින් සිදු කරනු ලබන අතර, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ණ සහයෝගය ද ලැබී ඇත.Asics footwear | Shop: Nike