Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් වෙත මුයිතායි සටන් කලා පුහුණුව

යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 200 කට වැඩි පිරිසක් වෙනුවෙන් ජූලි මස 21 සිට 24 දක්වා දින 03 ක් පුරාවට 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් මුයිතායි සටන් කලාව පිළිබඳ සම්මන්ත්‍රණයක් සහ පුහුණු සැසියක් පවත්වන ලදි.

සටන් කලා ගුරුවරයෙකු වන අර්ජන් පේද්රෝ සොලනා මහතා සහ 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අර්ජන් ප්‍රියංක පෙරේරා විසින් මෙම සැසිය මෙහෙයවනු ලැබීය.

මෙම තෙදින සම්මන්ත්‍රණය අවසානයේ සටන් පුහුණු නිදර්ශනයක් ද පැවැත් වූ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ආර්.පී ද සිල්වා සහභාගි විය.

ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපති, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. jordan Sneakers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp