24th November 2022 17:41:24 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනාවට අනුයුක්ත 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ භටපිරිස් කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව නොවැම්බර් මස 19 දින සිට 21 දින දක්වා කන්තලේ ප්‍රදේශයේ වැටලීම් දෙකක් සිදුකරමින් හෙරොයින් සහ කේරල ගංජා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස් පසුගිය සෙනසුරාදා (19) දින සිදුකළ වැටලීමේදී කේරළ ගංජා ග්‍රෑම් 2.13 ක් සමඟ පළමු සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුගිය සඳුදා (21) දින සිදුකළ වැටලීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 100 ක් සමඟ දෙවැනි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම සහ 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජූඩ් කාරියකරවන එක්ව මෙම වැටලීම් දෙක අධික්ෂණය කළ අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබිණි.