Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2017 14:14:02 Hours

යුද්ධ හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජනය කරන බවට සඳහන් මාධ්‍ය වාර්තා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි

ජාතික සංහිඳියා කාර්ය්‍යාලයේ ප්‍රධාන නිළධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් යුද්ධ හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජන කරනනේ යැයි පලකර ඇති මාධ්‍ය වාර්ථා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

2010 වර්ෂයේදි සිවිල් පරිපාලනය උතුරේ ස්ථාපනය කිරිමත් සමගම යුද්ධ හමුදාව සිවිල් පරිපාලන කටයුතු වලින් ඉවත් වු බව පෙන්වා දෙමි. ඒ අනුව වර්ථමානයේ යුද්ධ හමුදාව කිසිදු සිවිල් පරිපාලන කටයුත්තක් සිදුනොකරන බැවින් සංහිඳියා කාර්ය්‍යාලයේ නිළධාරී විසින් එවැනි කිසිදු සිදුවීමක් පිළිබද හුවා දැක්වීමකින් තොරව සිදුකර ඇති මෙම ලිංගික අපචාරයන් පිළිබද ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව ඉතා කණගාටුවෙන් සදහන් කරමි.

යුද්ධ හමුදා සාමාජිකයන් ලිංගික අපචාරයන්ට සමිබන්ධවු සිදුවීමි වලදී ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන අතර, 1971 සිදුවු ප්‍රේමවතී මනමිපේරි ඝාතනය මෙන්ම, 1995 – 2006 අතර සමයේදී සිදුවු ක්‍රිශාන්ති කුමාරස්වාමි සහ රාජිනි වේලායුදම්පිල්ලේ ඝාතනය වැනි සිදුවීමි වලදි ඒ පිළිබදව පැවති සිවිල් අධිකරණ නඩු කටයුතු සදහා යුද්ධ හමුදාව පුර්ණ සහයෝගය ලබාදී ඇත. එහිදී ගරු අධිකරණය විසින් වැරදිකරුවන්හට මරණ දණ්ඩනය නියමකර ඇති බවද සදහන් කරමි.

ලිංගික අපචාර වැනි විනය විරෝධී ක්‍රියාවන්ට සමිබන්ධව විනය කඩනරනු ලබන හමුදා සාමාජිකයන්ට එරෙහි පරීක්ෂණ පවත්වා එම චෝදනා ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව ඇති සිවිල් උසාවි නඩුවෙන් නිදහස් වුවද එම අයවලුන් යුද්ධ හමුදාවෙන් පහකිරීම ප්‍රතිපත්තිය වන අතර, එය ඉදිරියටද එසේ ක්‍රියාත්මක වනු ඇත.

මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබියදීත් පදනම් විරහිතව සිදුකර ඇති ඉහත ප්‍රකාශය, වර්ථමාන රජය නීතියේ ආධිපත්‍ය සහ සංහිදියාව ඇති කිරීමට අවංකවම වෙරදරණ මෙම වකවානුවේ හමුදාවේ ප්‍රතිරෑපයට සහ රජයේ සංහිදියා පරිශ්‍රමයට බාධාවක් බැව් කනගාටුවෙන් වුවද සඳහන් කරමි (නිමාව).

best Running shoes | Jordan Release Dates , Iicf