Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2019 20:08:12 Hours

යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් කන්තලේ දී සුහද ක්‍රිකට් තරඟාවලියක්

ප්‍රදේශයේ ජිවත්වන සියලු ජනතාව අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳුදා (07) දින කන්තලේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 15 ක පමණ සහභාගීත්වයෙන් කන්තලේ භාතියගම මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පූස්සැල්ල ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී.

තරඟාවලියේ දී සුපර් කින්ග්ස් (Super Kings) ක්‍රීඩා සමාජය සහ අග්‍රබෝධී ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් ඉතා උද්යෝගයෙන් යුතුව තරඟ වැදුණු අතර තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සුපර් කින්ග්ස් (Super Kings) ක්‍රීඩා සමාජ නියෝජනය කල ක්‍රීඩකයින් සමත්විය.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරීනැමීමට මෙන්ම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පූස්සැල්ල, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසන්න එදිරිවීර සහ සිවිල් බලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.Running sports | Nike Air Max 270