Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2018 22:23:18 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය සෙනසුරාදා (17) දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථානගත එම රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයට සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එම්.යු. හේරත් සහ යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස් බාලචන්ද්‍ර විසින් රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර එතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

පාබල සේනාංක රථ හා සන්නද්ධ රථ පෙරටු කරගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිසෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාරය පෙළපාලියේ ආචාරය ද එතුමන් හට පිරිනමනු ලැබීය.

අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මුරහල විවෘත කිරීමට ද සිය ධූරයෙන් නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන්ට ආරාධනා කළහ.

නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සියලු භට පිරිස් අමතමින් ‘රෙජිමේන්තුවේ සංවර්ධනය උදෙසා පුහුණුව තුළින් වෘත්තීමය දැනුම වර්ධනය කිරීමේ වැදගත්කම’ සියලුදෙනාට සිහිපත් කළහ.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරින් විසින් සමුගැනීමේ උත්සවයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සුදානම් කර එතුමන් වෙත පිරිනමන ලදී. නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනීතා ඒකකයේ සභාපති තුෂාරි කුලතුංග මහත්මිය සහ සේවා වනීතා ඒකකයේ සාමාජිකාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සෙනසුරාදා (18) දින මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, නිල වශයෙන් සිය ධූරයෙන් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේන් නික්ම යන ලදී.

Running Sneakers Store | シューズ