Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2018 11:25:48 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරින්ට සහ සෙසුනිලයින්ට සහතිකපත් පිරිනැමේ

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති තරුණ නිලධාරි පාඨමාලා අංක - 63 සාර්ථකව අවසන් කල තරුණ නිලධාරින් 139 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමීමේ උත්සවය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පාඨමාලාව, 2018 අගෝස්තු මස 22 දින ආරම්භ කර ඔක්තෝම්බර් මස 25 දින දක්වා පැවැති අතර ප්‍රථිත්‍රස්ථ සටන් මෙහෙයුම් සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතාවයන් ප්‍රවර්ධනය අරමුණින් මෙම පාඨමාලාව පවත්වනු ලැබීය.

මෙම පාඨමාලා අංක - 63 හි දක්‍ෂතම නිලධාරියා ලෙස විශේෂ බලකායේ ලුතිනන් එල්.එච්.පී.එම්. ප්‍රනාන්දු තේරීපත් විය.

සමාප්ති උත්සවයේ දී යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් පාඨමාලාව සාර්ථාකව හැදෑරු ශිෂ්‍ය නිලධාරින්ට සහතික පත් ප්‍රදානය කරමින් සිය සුභපැතුම් ද එක් කළහ. මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, අංශ ප්‍රධානීන් සහ පාඨමාලා භාර නිලධාරින් රැසක් එක්ව සිටියහ.

එමෙන්ම, මාඳුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති කැළැබඳ සටන් පාඨමාලා අංක - 25 ඔක්තෝම්බර් මස 26 වන දින අවසන් වූ අතර පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමීමේ උත්සවය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පාඨමාලාවේ දක්‍ෂතම සෙබලා ලෙස 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.ජි.ජි. ප්‍රසංග තේරීපත් විය. සමාප්ති උත්සවයේ දී යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් පාඨමාලාව සාර්ථාකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සහතික පත් ප්‍රදානය කරමින් සිය සුභපැතුම් ද එක් කළහ. මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක, අංශ ප්‍රධානීන් සහ පාඨමාලා භාර නිලධාරින් රැසක් එක්ව සිටියහ.short url link | UK Trainer News & Releases