Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2017 10:33:36 Hours

මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ළමා අයිතීන් සහ ගෘහස්ථ හිංසනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය ළමා අයිතීන් සහ ගෘහස්ථ හිංසනය පිළිබඳව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් 11 වන සේනාංක මූලස්ථානයේ දී අඟහරුවාදා (31) දින පවත්වන ලදී.

මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ලබා දෙන ලදී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර කළමණාකාර (පරිපාලන) ජනක උදය කුමාර මහතා විසින් මෙහි දේශණ පවත්වන ලදී.

නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයින් 160 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 175 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

Running sport media | adidas garwen spezial white shoes - New In Shoes for Men