Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2018 12:05:30 Hours

මධ්‍යම භට පිරිස් හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

කුඹල්වේල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වඩිනහෙළය ප්‍රදේශයේ සිකුරාදා (21) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් දහසය දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

පවතින නියඟය සහ වියලි කාලගුණික තත්ත්වයත් සමඟ හදිසියේ හටගත් මෙම ගින්න ප්‍රදේශය පුරා ක්ෂණිකව පැතීරයාමට ඉඩ කඩ තිබුණ ද ගිනි නිවීමේ හමුදාව සහ ප්‍රදේශවාසින් යුද්ධ හමුදා භට පිරිස් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැත්වීමට සමත් විය. යුද්ධ හමුදා සාමාජිකයින් පැය කිහිපයක් පුරා දියත් කල මෙම මෙහෙයුමකින් අනතුරුව සිකුරාදා (21) දින සන්ධ්‍යාවේ කඳවුර වෙත පැමිණියහ. Adidas footwear | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ