Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2018 13:16:17 Hours

බස්නාහිර පළාතේ නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් හි නිලධාරින් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

බස්නාහිර පළාතේ ඇති සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් හි සේවයේ නියුතු නිලධාරින් / නිලධාරිණියන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වෙන අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරිම, සමාජ විනය හැඩගැස්වීම, නිපුණතා සංවර්ධනය කිරිම, අභියෝග ජයගැනිමට අවශ්‍ය මානසික ශක්තිය හා සුදානම ඇති කිරිම, නිවැරදි සමාජ අපේක්‍ෂාවන් ජනිත කිරිම, වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම හා මානසික සමතුලිතතාවය වර්ධනය කිරිම මෙම පුහුණු වැඩසටහනේ අරමුණු වේ.

මෙම වැඩසටහනේ පළමු අධියර වශයෙන් බස්නාහිර පළාතේ ඇති සියලුම ප්‍රාදේශීය සභාවන් හි ප්‍රාදේශීය සභා නිලධාරින් / නිලධාරිණියන් සඳහා 2018 මැයි මස 14 වන දින සිට 2018 මැයි මස 18 වන දින දක්වා දියතලාව ප්‍රගුණ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල, දියතලාව ස්වේච්ඡා පුහුණු පාසල, කලත්තෑව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, මින්නේරිය කාලතුවක්කු හමුදා පාසල, ඇඹිලිපිටිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසල, පාන්ගොල්ල 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසල යන පුහුණු පාසල් හි පවත්වන ලදී. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කල අතර, ඒ සඳහා නිලධාරින් 828 දෙනෙකු හා නිලධාරිණියන් 261 දෙනෙකුගෙන් යුතු 1089 ක ප්‍රමාණයක් අපේක්‍ෂා කරන ලදි. ඒ අනුව මෙම වැඩසටහන සඳහා ස්වාමින් වහන්සේලා 03 නමක් ද ඇතුලත්ව 494 දෙනෙකු (නිලධාරින් 347 දෙනෙකු සහ නිලධාරිණියන් 147 දෙනෙකු) සහභාගි විය.

එමෙන්ම මෙහි දෙවන අධියර ලෙස බස්නාහිර පළාතේ ඇති සියලුම නගර සභාවන් හි නගර සභා නිලධාරින් සහ නිලධාරිණියන් සඳහා 2018 මැයි මස 21වන දින සිට 2018 මැයි මස 25 වන දින දක්වා දියතලාව ප්‍රගුණ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල සහ දියතලාව ස්වේච්ඡා පුහුණු පාසල යන පුහුණු පාසල් හි පැවැත්විමට නියමිත අතර මෙම පුහුණු වැඩසටහන සඳහා (නිලධාරින් 221 දෙනෙකු සහ නිලධාරිණියන් 73 දෙනෙකු) නිලධාරින් 294 දෙනෙකු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සහභාගිවිමට නියමිතය.

Nike air jordan Sneakers | Sneakers