Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2018 18:22:50 Hours

බඹර ප්‍රහාර වලින් පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා භඨපිරිස් හි සහාය

ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ විදුහල්පති තුමාගේ සහ ප්‍රදේශයේ දෙමාපියන්ගේ ඉල්ලීම මත 64 සේනාංකය යටතේ ස්ථාපිත 641 බලසේනාවේ භඨපිරිස් විසින් ඹබර ප්‍රහාරයට ලක්වූ පාසල් ළමුන් පාසලෙන් ඉවත් කරගැනීම සඳහා කුඩා මෙහෙයුමක් සිකුරාදා (14) දින දියත් කරන ලදි.

පසුගිය සති කිහිපය තුළ සිසුන් 9 දෙනෙකු පමණ බඹර ප්‍රහාර හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. පාසැල් ගොඩනැඟිලිවල වහලයට යටින් ඹබර කැදලි සාදා තිබිම හේතුවෙන් පාසල් ළමුන් සඳහා සැලකිය යුතු අවධානාත්මක තර්ජනයක් එල්ල විය.

පාසලේ විදුහල්පතිවරයා සහ දෙමව්පියන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ 641 බලසේනාවේ බලසේනාධිපති ඒ පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව එම ඹබර කැදලි ඉවත් කිරිම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ලැබීය.

64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමා විසින් ප්‍රදේශයභාර වනජිවි දෙපාර්තමේන්තු නිලධාරින් දැනුවත් කිරිමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහයෝගය සහ සහභාගිත්වය ලබාගන්නා ලදි.

වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උපදෙස් මත 641 බලසේනාවේ භඨපිරිස් පාසල් වේලාවෙන් අනතුරුව සිකුරාදා (14) දින බඹර කූඩු ඉවත් කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කර නව වාසස්ථානයක් සඳහා බඹරුන් වනාන්තර ප්‍රදේශ වලට නිදහස් කිරීම සිදුකළහ.Sports brands | Air Jordan 1 Retro High OG University Blue - Gov