Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පෙරවිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යුද්ධ හමුදාවේ සහාය

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරයක් ලෙස හේමාස් ලංකා පුද්ගලික සමාගමේ (Hemas Lanka PLC) මුල්‍ය දායකත්වයෙන් සඳුදා (30) දින වවුනියාව සැළලිහිණිගම නව පෙරවිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකොට ප්‍රජා අයිතියට පත් කරන ලදි.

අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පිහිටුවන ලද මෙම ප්‍රජා සත්කාරක පෙර පාසල හේමාස් ලංකා සමාගමේ (Hemas Lanka PLC)සමාජ සත්කාරක වැඩසටහන් සංකල්පයට සමගාමීව ඉදි කරන ලද්දකි.

හේමාස් ලංකා පුද්ගලික සමාගම මේ වනවිට ළදරු පාසල් 44 ක් ඉදිකර පරිත්‍යාග කර ඇති අතර, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ‘පියවර’ වැඩසටහන සමඟ එකාබද්ධව මෙම ප්‍රජා සත්කාර කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

563 වන බලසේනාව විසින් මෙම උත්සව කටයුතු සංවිධානය කර තිබු අතර. 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර ගේ අධික්ෂණය යටතේ 19 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව විසින් ඉදිකිරීම් කටයුතු ඉටුකරදි තිබුණි. සැළලිහිණිගම විහාරයේ පූජ්‍ය තණමල්විල පියනන්ද ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.

563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උපාලි ගුණසේකර, 19 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් චන්ද්‍රරත්න විජේවර්ධන සහ දෙවන අණදෙණ නිලධාරි සමන්ත ප්‍රනාන්දු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වලදි මුලිකත්වයගෙන ක්‍රියාකර තිබුණි.

වන්නි අරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු හේමාස් සමුහ ව්‍යපාරයේ අධ්‍යක්ෂ හා හේමාස් භාරකාර පදනමේ භාරකාර සක්ත අමරතුංග මහතා, විධායක අධ්‍යක්ෂවරියක වන ශීරෝමි මාසකෝරාළ මහත්මිය සහ මුල්‍ය අංශයේ භාරකාර අශීරා ඊසු‍ෆල්ලී මහත්මිය විශේෂ අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රජයේ නිලධාරින්, නිලධාරින්, වවුනියාව විදුහලේ විදුහල්පති, හේමාස් පුද්ගලක සමාගමේ සාමාජිකයින් සහ සැළලිහිණිගම සහ අවට ගම්වැසියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

affiliate tracking url | Nike Shoes