Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2018 22:36:27 Hours

පූතුර් මඩියේ පඤ්ඤාසීහ විද්‍යාලයේ දිගුකාලීන පැවැති අවශ්‍යතාවයක් සපුරාලයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව කොළඹ, ධර්ම විජය පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව පූතුර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයට දීර්ඝකාලිනව අවශ්‍යතාවයක්ව පැවැති පාසල් සංගීත කණ්ඩායමට අවශ්‍ය උපකරණ, විදුලි පංකා, පාපැදි සහ ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ තොගයක් අඟහරුවාදා (20) දින පරිත්‍යාග කරනු ලැබීය.

මෙම විද්‍යාලයට දීර්ඝකාලීනව පැවැති අවශ්‍යතාවයන් පිළිබඳ පාසල් බලධාරීන් විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි දැනුවත් කිරීමෙන් අනතුරුව එම අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කටයුතු ආරම්භ කෙරිණි.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ අණදීමෙන් 52 වන සේනාංකයේ භට පිරිස්හි සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට අනුග්‍රහය දැක්වූ කොළඹ ධර්ම විජය පදනමේ සාමාජිකයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

latest jordan Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet