Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2017 23:56:32 Hours

පුහුණු පාසල්, ඒකක සහ ආයතන මට්ටමින් වෙසක් සැමරුම්

දිවයින පූරා ස්ථාපිත සේනාංක, බලසේනා, පුහුණු පාසල් සහ ඒකක මට්ටමින් වෙසක් දින සැමරුම් වැඩසටහන් මැයි මස 09 සිට 15 දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.

53 වන සේනාංකය

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුෂාන් රාජගුරු ගේ උපදෙස් මත දඹුල්ල හි පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී වෙසක් සැරසිලිවලින් සමන්විත වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.

54 වන සේනාංකය

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මන්නාරම හි පිහිටි 54 වන සේනාංකයේ සහ එම සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන්හි භට පිරිස් වෙසක් දින සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කළ අතර, ජාතික වෙසක් උත්සවයට සමගාමිව මන්නාරම නගරය ආශ්‍රිතව වෙසක් කලාපයක් ද පවත්වනු ලැබීය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත සෙනවිරත්න සහභාගි විය.

55 වන සේනාංකය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංක භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (11) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ දන්සැලක් පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර මුහන්දිරම් සහභාගි විය. ආගමික නායකයින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, පොලිස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

12 වන සේනාංකය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භට පිරිස් විසින් ‘දිවිනැගුම ග්‍රාමීය ප්‍රබෝධ' සංගමය සමඟ එක්ව තිස්සපුර කනිෂ්ඨ විද්‍යාලයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සෙනසුරාදා (13) දින පැවැත් වූ අතර, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ජනතාව ද මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා එක්ව සිටියහ.

62 වන සේනාංකය

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සන්ජය වනිගසිංහ ගේ මඟපෙන්විම යටතේ එම සේනාංක භට පිරිස් විසින් මැයි මස 10 සහ 11 යන දිනයන්හි දී දන්සැල් ද ඇතුලුව වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කළ අතර, එහිදි පැවති ධර්ම දේශනා වැඩසටහන වෙහෙරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉඹුල්ගොඩ පඤ්ඤාශීල ස්වාමින් වහන්සේ විසින් සිදු කළහ.

551 බලසේනාව

551 බලසේනාවේ භට පිරිස් විසින් ‘යාපා පටුනයි දහම් අමාවයි 2017’ තේමාව යටතේ වෙසක් දින වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, මැයි මස 10 වන දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රය තුල දන්සැලක් ද පවත්වනු ලැබීය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් ජේ. ජයසීලන් මහතා සහභාගි විය.

571 බලසේනාව

වෙසක් උත්සවයට සමගාමිව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන, 57 වන සේනාංකය, 571 වන බලසේනාව සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව මලයාලපුරම් එස්.කේ. වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 30 දෙනෙකු වෙත දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් බෙදාදීම බ්‍රහස්පතින්දා (11) දින එම වැඩිහිටි නිවාසයේ දී සිදු කරනු ලැබූ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, 571 බලසේනාවේ බලසේනාධිපති, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ගැමුණු හේවා බළකා මූලස්ථානය

කුරුවිට පිහිටි ගැමුණු හේවා බළකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ශීල ව්‍යාපාර, ධර්ම දේශනා, බෝධි පූජා, දන්සැල් සහ වෙසක් සැරසිලිවලින් සමන්විත වෙසක් දින වැඩසටහන් මාලාවක් මැයි මස 10 සිට 14 දක්වා එම මූලස්ථාන පරිශ්‍රයේ පැවැත් වු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගි විය.

සාලියවැව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වෙසක් සැමරුමට සමගාමිව එම මූලස්ථාන පරිශ්‍රයේ දී දන්සැල් සහ වෙසක් බැති ගී සමඟින් වෙසක් කලාපයක් සංවිධානය කරනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් මැයි මස 10 සිට 14 දක්වා වෙසක් උත්සවයට සමගාමිව වැඩසටහන් පෙළක් පවත්වන ලදි.

ඒ අනුව මැයි මස 10 දින එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී ධර්ම දේශනාවක් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර ස්වාමින් වහන්සේ විසින් මෙහෙය වූ අතර, වෙසක් සැරසිල්වලින් වැලිකන්ද නගරය සැරසීම මෙන්ම බෙලිමල් දන්සැලක් ද පැවැත්වීම සිදු කළහ.

වැලිකන්ද, කඳුරුවෙල සහ පුලතිසිපුර යන නගරයන්හි වෙසක් කලාප ස්ථාපිත කරන ලද අතර, මෙම වෙසක් කලාප විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර සහභාගි වන ලදි. වෙසක් බැති ගී, දන්සැල් සහ වෙසක් කඩු රැසකින් සමන්විත වූ මෙම වෙසක් කලාප සංවිධානය කිරීම සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය, 23 වන සේනාංකය සහ නැගෙනහිර ඉදිරිනඩත්තු පෙදෙසෙ භට පිරිස් සහයෝගය දක්වන ලදි.

මෙම වැඩසටහන් මාලාව සඳහා පූජ්‍ය පක්ෂය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා, මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල (විශ්‍රාමික), 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල, නැගෙනහිර ඉදිරිනඩත්තු පෙදෙසෙ ආඥාපති මේජර් ජෙනරාල් එම්. මුදන්නායක, 231, 232 සහ 233 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් වෙසක් සැමරුම නිමිත්තෙන් බෝධි පූජා පිංකමක්, වෙසක් කූඩු තරඟයක්, බැති ගී සන්දර්ශන සහ ඔසුපැන් දන්සැලක් පවත්වන ලදි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන් මෙම වැඩසටහන් සඳහා දායකත්වය දැක්වූහ.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය

දියතලාව පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ගේ අධික්ෂණයෙන් ‘බුද්ධ රශ්මි’ නමින් වෙසක් කලාපයක් මැයි මස 10 සිට 14 දක්වා දියතලාව මුතුකුමරු ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ අතර, ඒ යටතේ වන සේනාංක, බලසේනා සහ ඒකකයන්ගේ සහාය ඇතිව දන්සැල්, වෙසක් කූඩු ප්‍රදර්ශන, බැති ගී සංදර්ශන සහ සංස්කෘතික සංදර්ශන පැවැත්වූහ.

තවද, එහි පැවති වෙසක් කුඩු තරඟයේ ප්‍රථම ස්ථානය 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය විසින් දිනා ගන්නා ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විම යටතේ ‘සාමකාමි වෙසක් අසිරිය’ තේමාකර ගත් වෙසක් වැඩසටහන් මාලාවක් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී මැයි මස 10 සිට 11 දක්වා පවත්වනු ලැබීය.

මෙහිදි ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය, දන්සැල්, බැති ගී වැඩසටහන් සහ දර්ශනිය වෙසක් පහන් කුඩු ප්‍රදර්ශන, පෙර පාසල් සඳහා ප්‍රථමාධාර කට්ටල ලබාදීම මෙන්ම කිලිනොච්චි ලුම්බිණි මහා විහාර පරිශ්‍රයේ දී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් වෙත ගවයින් ලබාදීමේ සහ වියලි ආහාර පාර්සල් ලබාදිමේ වැඩසටහනක් ද සිදු කළ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමයනායගම් මහතා සහ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූහ.

ලුම්බිණි විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, කිලිනොච්චි නියෝජ්‍ය පොලිස්පතිතුමා ද මීට එක්ව සිටි අතර, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති මේජර් ජෙනරාල් බිමල් විදාන‍ගේ ද මෙම වැඩසටහන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළහ.

12 සේනාංකය

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හරින් පෙරේරා ගේ මඟපෙන්විම යටතේ වර්ණවත් වෙසක් කුඩු, දන්සැල් සහ බැති ගී වැඩසටහන් සමඟින් මැයි මස 10 සිට 14 දක්වා විශේෂ වෙසක් කලාපයක් හම්බන්තොට දී පවත්වනු ලැබීය.

121 බලසේනාවේ භට පිරිස් කුඹුක්කන මංසන්ධියේ දී බත් දන්සැලක් පැවැත් වූ අතර, මේ සඳහා සිවිල් වැසියන් 8000 කට වැඩි පිරිසක් සහභාගි වූහ. එමෙන්ම, 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 (ස්වෙච්ඡා) ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් ද වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබූහ.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව

කුරුණැගල, වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් ගංගාරාම විහාර පරිශ්‍රයේ පැවැත් වූ බුද්ධ රශ්මි වෙසක් කලාපය වර්ණවත් වෙසක් සැරසිලිවලින් අලංකාර කරනු ලැබූ අතර, එහිදි පැවති වෙසක් කූඩු තරඟයෙන් එම බලමුළුවේ භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද වෙසක් කූඩුව සඳහා ආරක්ෂක සේවා අංශයෙන් ප්‍රථම ස්ථානය සහ තරඟකරුවන් 400 ක් නිර්මාණ ඉදිරිපත් කළ සමස්ථ තරඟාවලියේ දෙවන ස්ථානය හිමිකරගනු ලැබීය.

Best Nike Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos