11th June 2020 10:15:24 Hours
දියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් (113), ඩොල්ෆින් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයෙන් (25), වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් (67), කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් 05, ඇතුළුව පුද්ගලයින් 271 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු PCR පරික්ෂණකට ලක් කිරිමෙන් අනතුරුව අද (12) දින සිය නිවස් බලා පිටත්ව යාමට ඇති බව කොවිඩ් 19 වෙරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් අද (12) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.
අද (12) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 12,856 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,874 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.
අද (12) දින උදෑසන වනවිට කොවිඩ් - 19 ආසාදිතයින් 08 දෙනෙකු වාර්ථා වී ඇති අතර, ඔවුන් සියළු දෙනා නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් බව වාර්ථා වේ. තවත් වීරෝදාර නාවික හමුදා සෙබළුන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව, නාවික හමුදාවේ කොවිඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 874 දෙනෙකු වන අතර, ඉන් 647 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්ෂණ සිදු කිරිමෙන් පසු රෝහල්වලින් බැහැර වී තිබෙනවා. දැනට වීරෝධාර රණවිරුවන් 227 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අද (12) දින උදෑසන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කළ මාධ්‍ය ප්‍රකාශයේ හඩ පටය පහතින් දැක්වේ. Sports brands | Nike