Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2019 16:03:44 Hours

පාසල් සිසුන් 125 ක් දිරීගන්වමින් පාසල් උපකරණ පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස පිළියන්දල රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් ජාතික නිදහස් දිනයට සමගාමීව නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන් 125 දෙනෙකු හට පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 551 වන බලසේනාවට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජාතික නිදහස් දිනයට සමගාමීව පාසල් බලධාරීන් සමඟ එක්ව සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංක පෙරේරා සහභාගි වූ අතර පරිත්‍යාගශීලින් සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පින්සර වික්‍රමආරච්චි සහභාගි වූහ. Running Sneakers | 『アディダス』に分類された記事一覧