Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2017 15:11:30 Hours

ප්‍රථම වතාවට නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දර්ශනීය තොරණක් ඉදිකරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් චිත්‍රාංගනී වාගිස්වර මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් වෙසක් සැමරුමට සමගාමිව නවදිල්ලි නුවර දී ප්‍රථම වතාවට ඉදිකරන ලද දර්ශනීය තොරණ, 200 කට අධික වෙසක් කුඩු සහ වෙසක් සැරසිලි සඳුදා (15) දින සිට ප්‍රදර්ශනය කරනු ලැබේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ මෙම තොරණේ ඉදිකිරිම් කටයුතු සඳහා නිලධාරීයෙකු ඇතුලු සෙසු නිලයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මැයි මස 02 දින ඉන්දීයාවේ නවදිල්ලි නුවර බලා පිටත් වූහ. එමෙන්ම, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙහි වැඩකටයුතු සිදු කරනු ලැබීය.

නවදිල්ලි නගර මධ්‍යයේ ඉදිකරණු ලැබූ උසින් අඩි 40 ක් හා විදුලි බුබුලු 15,000 කින් සමන්විත වූ මෙම වර්ණවත් තොරණෙහි ‘අංගුලිමාල’ ජාතක කතාව විදහා දක්වන අතර, එම කතා වස්තුව හින්දි භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. මෙම තොරණ සඳුදා (15) දින විවෘත කළ අතර, මැයි මස 21 දින දක්වා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දීයාවේ පිහිටි ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය නිවේදනයට අනුව අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් සහ ඉන්දීය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු කිරන් රිජිජු මැතිතුමා විසින් අද (15) දින සන්ධ්‍යාවේ දී මෙම තොරණ විවෘත කරනු ලැබීය.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නවදිල්ලි මහා නගර සභාව ඇතුලු රාජ්‍ය ආයතනයන්හි සහයෝගය ද හිමිවිය.

Asics shoes | Women's Nike Superrep