29th January 2021 18:48:46 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහල සහ පනාගොඩ යුද්ධ හමුදා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සිකුරාදා (29) දින ‘AstraZeneca Covishield’ එන්නත ලබාදුන්හ. එහි සමාරම්භක අවස්ථාවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අද (29) දින සන්ධ්‍යාව වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් 1000 කට එන්නත ලබාදීමට හැකියාව ලැබිණි.
එමෙන්ම, සෙනසුරාදා (30) දින අනුරාධපුර, මින්නේරිය, ත්‍රිකුණාමලය, මන්නාරම, වවුනියා, පලාලි, කිළිනොච්චි, මුලතිව්, දියතලාව සහ අම්පාරේ පිහිටි යුද්ධ හමුදා රෝහල්වලදී තවත් එන්නත් 7500 ක් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ලබාදීමට නියමිත අතර හම්බන්තොට සහ බූස්ස ප්‍රදේශවල පිහිටි 12 වන සේනාංකයේ සහ 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට වෙනම ජංගම වෛද්‍ය ඒකක මගින් එන්නත ලබා දීමට අපේක්ෂා කෙරේ. පළමු වටයේ සැලසුම් කර ඇති පරිදි යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සඳහා එන්නත් 31,000 ක් වෙන් කර ඇති අතර අද (29) දින සිට ඉදිරි දින 04 තුළ එම එන්නත් ලබාදී අවසන් කිරීමට යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් අපේක්ෂා කෙරේ.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී සිදුකළ එන්නත ලබාදීමේ සමාරම්භක අවස්ථාවේදී පළමු එන්නත එන්නත් කරගැනීම යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ කර්නල් සවීන් සේමගේ සහභාගී වූ අතර එතුමන් වෙත මෙම එන්නත ලබාදීමෙන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් වෙත එන්නත් ලබාදෙනු ලැබිණි. Sport media | nike