Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2017 20:09:51 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සිය 14 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 14 වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 25 සිට 28 දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

සංවත්සරය වෙනුවෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත සෝමාවතීය රජමහා විහාරයේ දී ආගමික වැඩසටහනක් ද මින්නේරිය මහසෙන් දේවාලයේ දී විශේෂ පූජාවක් ද පැවැත්විණ.

සියලු නිල දිවා භෝජන සංග්‍රහය, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් භට පිරිස් ඇමතීම සහ සංගීත ප්‍රසංගය එම උත්සව මාලාවේ ප්‍රධාන අංගයන් විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running sport media | nike fashion