Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2018 13:30:14 Hours

තද සුළං තත්වය නිසා අවහිර වු මහාමාර්ග යථා තත්වයට පත්කිරිම සඳහා 142 බලසේනාවේ භට පිරිස් හි දායකත්වය

කොළඹ දිස්ත්‍රික්කයේ පිටිපන, මීගොඩ, රත්මලාන, දෙහිවල, කැස්බෑව, හෝමාගම ඇතුළු නගරයන් හරහා අද (11) දින උදෑසන හමා ගිය තද සුළං තත්වය හේතුවෙන් ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් මහාමාර්ගයන් හි ගමනාගමනයට බාධා ඇතිවු අතර යුද්ධ හමුදා සාමාජිකයන් 60 වැඩි පිරිසක් ඉතා යුහුසුළුව එම අවහිරතාවයන් ඉවත්කරමින් එම මාර්ගයන් යථා තත්වයට පත් කිරීම සඳහා සිය දායකත්වය දක්වන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි 142 වන බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නන්දන දුනුවිල ගේ අණදීම යටතේ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාංකයේ භට පිරිස් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා අත්වැල් බැදගනිමින් ක්‍ෂ්ණිකව ක්‍රියාත්මක වී සිවිල් වැසියන්ගේද උපකාර ඇතිව තද සුළං තත්වය නිසා ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් මෙන්ම සුන්බුන් නිසා අවහිර වු මහාමාර්ග සහ නිවාස යථා තත්වයට පත්කිරිම අරඹන ලදී.

9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් තද සුළං තත්වය නිසා හානි වු ප්‍රදේශයන් හි ගස් සහ ගස්වල අතු කඩාවැටීමෙන් හානි වු නිවාස හා මහාමාර්ග මෙන්ම සුන්බුන් නිසා අවහිර වු මහාමාර්ග යථා තත්වයට පත් කිරිමේ සහන මෙහෙයුම් කටයුතු වල තවද නිරතව සිටි. Adidas footwear | Air Jordan Release Dates 2020