Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2018 16:37:24 Hours

ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දක්වයි

ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න ගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කට්සුටෝෂි කවානෝ (Admiral Katsutoshi Kawano), සිකුරාදා (09) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කරමින් කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්විය.

අද්මිරාල් කට්සුටෝෂි කවානෝ (Admiral Katsutoshi Kawano) විසින් මියගිය රණවිරුවන් සිහිකරමින් විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබීය. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භට පිරිස් විසින් සම්ප්‍රදායානුකූලව හමුදා ආචාර පුද කළහ.

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව බියුගල් වාදනයත් (Last Post) සමඟ එම රණවිරු පුෂ්පෝපහාර උත්සවය අවසන් වූ අතර, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

අද්මිරාල් කට්සුටෝෂි කවානෝ (Admiral Katsutoshi Kawano) ශ්‍රී ලංකාවේ රැඳි සිටින කාලය තුල දී ආරක්ෂක ප්‍රධානින් කිහිපදෙනෙකු ද හමුවීමට ද නියමිතය.

jordan Sneakers | New Releases Nike