Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2019 14:30:21 Hours

කිලිනොච්චි භට පිරිස් සහ සිවිල් ක්‍රීඩා සමාජ අතර ක්‍රීකට් සහ වොලිබොල් තරඟාවලියක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබු ක්‍රීකට් සහ වොලිබොල් තරඟාවලියේ අවසන් තරඟ බදාදා (09) දින පැවැත්විණි.

65 වන සේනාංකයේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.

57 වන සේනාකය විසින් සංවිධානය කරනු ලැබූ වොලිබොල් තරඟාවලියේ ශූරතාවය 3 වන ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 1 වන ගජබා රෙජමේන්තු ක්‍රීඩකයින් විසින් හිමිකරගත්හ.

මීට අමතරව, මාන්කුලම් මහා විද්‍යාලය සහ කරන්චි ක්‍රීඩා සාමාජ සිවිල් ක්‍රීඩා කණ්ඩායම් දෙක අතර වොලිබොල් තරඟාවලියක් පැවැත්වූ අතර එම තරඟාවලියේ ශූරතාවය කරන්චි ක්‍රීඩා සමාජ වොලිබොල් ක්‍රීඩකයින්ට හිමිවිය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක විසින් ක්‍රීකට් තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරීනැමූ අතර වොලිබොල් තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම විසින් පිරීනැමීය.

තවද මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයින් සහ පාසල් සිසුන් රැසක් එක්ව සිටියහ. Adidas footwear | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ