Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2018 14:21:24 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන් හට පාපැදි බෙදාදෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, මීගමුව ඔරින්ට් සිංහ සමාජය හා සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි සිසුන් වෙත පාපැදි බෙදාදීමේ උත්සවයක් බදාදා (14) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

දුෂ්කර ප්‍රදේශවල සිට අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වෙත පැමිණෙන අඩුආයම්ලාභී පවුල්වල සිසුන් 25 දෙනෙකු සඳහා මීගමුව ඔරින්ට් සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව නොමිලේ පා පැදි බෙදාදෙනු ලැබිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර, හිටපු දිස්ත්‍රික් ප්‍රධානි සිංහ කැමිලස් ප්‍රනාන්දු, 1 වන උප දිස්ත්‍රික් ප්‍රධානි සිංහ දේවා පීටර්, නියෝජ්‍ය දිස්ත්‍රික් භාණ්ඩාගාරික සිංහ ප්ලැසිඩස් පීටර්, සිංහ සමාජයේ සභාපති සිංහ සවිත්‍රි පීටර් සහ සිංහ සමාජ ලේකම් සිංහ වික්ටර් ස්ටීවන්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරීස්, එම සිසුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් සහ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Buy Kicks | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite