Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2018 10:15:40 Hours

කඹුරුපිටිය ‘අභිමංසල - 2’ හි නේවාසික රණක්‍ෂිතයට පත් රණවිරුවන් විනෝද චාරිකාවක් සඳහා එක්වේ

මාතර, කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් දියතලාව, හග්ගල, හෝර්ටන් තැන්න, සමනළවැව විදුලි බලාගාර ව්‍යාපෘතිය සහ උඩවලව අලි අනාථාගාරය වැනි සංචාරක මෙන්ම හමුදාමය වැදගත් ස්ථාන නැරඹිම සඳහා විනෝද චාරිකාවක් සඳහා එක්වුහ.

මෙම වැඩසටහන නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික තත්වය වැඩිදියුණු කිරිම මෙන්ම ධෛර්ය ඇතිකිරිමේ අරමුණින් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ කඹුරුපිටිය, ‘අභිමංසල - 2’ හි සේනාවිධායකතුමන් විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම සංචාරය අතරතුර රණක්‍ෂිතයට පත් රණවිරුවන් හට දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය සහ ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල හි මෙන්ම ප්‍රදේශයේ සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථාන කිහිපයක් ද දැක බලා ගැනීමට ද හැකියාවක් ලැබුණු අතර මෙම සංචාරය සඳහා සියළුම පහසුකම් ‘අභිමංසල - 2’ සුව සහන මධ්යස්ථානයේ නිලධාරි සහ සෙසුනිලයින් විසින් සම්පාදනය කරන ලදී.

කඹුරුපිටිය, ‘අභිමංසල -2’ හි සේනාවිධායක ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.බි විජේකෝන් සමගින් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සහායකයින් ද මෙම සංචාරය සඳහා එක්වුහ.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ශාන්ත තිරුවානාවුකර්සු සහයෝගය දක්වන ලදී.

best shoes | UK Trainer News & Releases