Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2019 19:32:00 Hours

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන්ට දේශප්‍රේමී ශ්‍රී ලාංකීකයන් සියගණනකගේ ගෞරවය

පොළොන්නරුව සහ පොල්පිතිගම ප්‍රදේශයේ සියගණනක් වූ දේශප්‍රේමී ජනතාව, අඟහරුවාදා (05) දින උදෑසන මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දේහයන් රැගෙන යන අවමංගල්‍ය රථයට ගෞරව ආචාරය දැක්වීම සඳහා මාර්ගය දෙපසට පැමිණ සිටියහ.

ඒ අනුව, අඟහරුවාදා (05) දින උදෑසන පොළොන්නරුවේ දී 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම ගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සඳහා ජාතික කොඩි රැගත් වාහන, ත්‍රිරෝද රථ, යතුරු පැදි, පාපැදි සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ. දේහය රැගත් අවමංග්‍ය පෙරහැර පැමිණෙන ගමන් මඟ දෙපස පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන්, හෙදියන්, පෞද්ගලික අංශයේ සේවකයින් සහ ප්‍රදේශවාසින් රැස්ව දේහයට මල් කළඹ තැන්පත් කරමින් ගෞරවය පුද කළහ. අවමංගල්‍ය නිවස වෙත රැගෙන ආ දේහය පවුලේ සාමාජිකයින්ගේ දුක් සෝසුසුම් මධ්‍යයේ නිවසේ තැන්පත් කරන ලදී.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවිපිදු රණවිරුවන්ගේ රෙජිමේන්තුවලට අයත් භට පිරිස් එම ප්‍රදේශයන්හි අදාළ පොලිස් ස්ථාන සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් අවමංගල්‍ය උත්සවය සඳහා ආරක්‍ෂාව සපයනු ලබයි.

දිවිපිදු මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම ගේ දේහය පොළොන්නරුව ප්‍රදේශයේ සහ දිවිපිදු සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහය තලකොලවැව, පොල්පිතිගම ප්‍රදේශයේ එම රණවිරුවන්ගේ නිවෙස්වල තැන්පත් කර ඇත. එම දේහයන් පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ‍ගෞරව සහිතව පොළොන්නරුව සහ පොල්පිතිගම ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (07) දින සිදුකිරීමට නියමිතය. Nike air jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp