09th November 2023 20:39:41 Hours
එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජෙරොමි බී. විලියම්ස් (Rear Admiral Jeromy B. Williams) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමරිකා එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවී යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකරනු ලැබීය.
යුද්ධ හමුදාධිපති සහ සංචාරයේ නිරත දූත පිරිස අතර පැවති සුහද හමුවේදී හවායිහි පිහිටි එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානය සමඟ ඉදිරි පුහුණුවීම් කටයුතු සහ සහයෝගිතාව පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානයේ ‘Pacific Command Augmentation’ කණ්ඩායම නියෝජනය කරමින් ලුතිනන් කර්නල් නෙල්සන් (Lieutenant Colonel Nelson), ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් හැමිල්ටන් (Lieutenant Hamilton) සහ මාස්ටර් සාජන් අයිරිෂ් (Master Sergeant Irish) ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් සහ නියෝජිත පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
සාකච්ඡාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ අධ්යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.