Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2018 16:40:42 Hours

උතුරු මැද - ඉදිරි නඩත්තු පෙදෙස යුද්ධ හමුදා කඳවුර අනුරාධපුරයේ ස්ථාපිත කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් රඹෑව, වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පිහිටා තිබු උතුරු මැද - ඉදිරි නඩත්තු පෙදෙස කඳවුර අනුරාධපුරයේ ස්ථාපනය කරන ලදී.

අනුරාධපුර, සුනාත අතරමැදි කඳවුරේ ස්ථාපනය කරන ලද උතුරු මැද - ඉදිරි නඩත්තු පෙදෙසේ නව කඳවුර සිකුරාදා (15) දින පැවැති උත්සවයකදී උතුරු මැද - ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ. දෙහිඕවිට විසින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, අණදෙන නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ ඉදිරි නඩත්තු පෙදෙසේ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Nike air jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp