Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2019 09:07:42 Hours

ඉන්දියානු ආරක්ෂක ලේකම් දළදා මාලිගාවේ සංචාරයක

ඉන්දියාවේ ආරක්ෂක ලේකම් සංජය මිත්‍ර ‘Mr Sanjay Mitra’ සහ නියෝජිතයින් 15 දෙනෙකුන් සමන්විත පිරිසක් ‘ඉන්දියා - ශ්‍රී ලංකා වාර්ෂික ආරක්ෂක සංවාදය’ 6 වන වටයේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවී සිටින අතර මෙම පිරිස අඟහරුවාදා (9) දින ශ්‍රී දළඳා මාලිගාව වැදපුදා ගනී.

මහනුවර දළදා මාළිගා පූජා භූමි පරිශ්‍රයේදි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී. ජේ. නානායක්කාර විසින් සංචාරය සඳහා පැමිණී පිරිස උණුසුම් අයුරින් පිළිගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලන ලදී.

අනතුරුව දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. Sports News | nike fashion