05th December 2018 18:41:30 Hours
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඇෆ්ගනිස්ථාන තානාපති ගරු එම්. අෂ්රෆ් හයිඩාරි (HE M Ashraf Haidari) සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර සුහද හමුවක් ඉකුත් බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඇෆ්ගනිස්ථාන තානාපතිතුමන්ව, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ සහ යුද සේවා සහකාර කර්නල් උදයකුමාර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සුහද හමුවේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇෆ්ගනිස්ථාන තානාපතිතුමන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශවීය සම්බන්ධතා සහ හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කළහ.
ඉන් අනතුරුව, මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තානාපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්රදානය කළ අතර තානාපතිතුමන් විසින් ද යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්ම යාමට පෙර සමරු සටහනක් තබනු ලැබීය. url clone | Sneakers