01st June 2017 14:35:11 Hours
US Army Reserve Officers' Training Corps (AROTC) හී පුහුණුව ලබන යුද්ධ හමුදා කැඩෙට් නිලධාරින් 33 දෙනෙකු සහ උපදේශක නිලධාරින් 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දින 14 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එම කැඩේට් නිලධාරින් සඳහා 2017 ජුනි මස 07 වන දින දක්වා දියතලාවේ දී අවි පුහුණුව, ක්ෂේත්‍ර අභ්‍යාස, ශාරීරික අභ්‍යාස ඇතුළු දේශණ මාලාවක් සංවිධානය කර ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකාව තුළ රැදි සිටින කාලය තුළ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානය, ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානය සහ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේහි සංචාරය කිරීමට නියමිතය.
Sports News | Nike, adidas, Converse & More