26th December 2018 21:33:47 Hours
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සදුදා (24) වන දින ඇති වු සුළි සුළං තත්ත්වය හේතුවෙන් කටුවාපිටිය සෙබස්තියන් මාවත අවහිර කරමින් කඩා වැටි තිබු ගස් වහා ඉවත් කර මාර්ගය යථාතත්ත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදි.
ඒ සඳහා එක් නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගී වූ අතර, පැය කිහිපයක් තුළ සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මාර්ගයට වැටි තිබු ගස් ඉවත් කර නැවත මාර්ගය රථ වාහන ධාවනය සඳහා සුදුසු පරිදි යථා තත්ත්වයට පත් කරනු ලැබීය.
මේ අතර, සඳුදා (24) දින ඇති වු තද සුළං තත්ත්වය හේතුවෙන් අගුරුකාරමුල්ල බෞද්ධ විහාරස්ථාන භූමි ප්‍රදේශයට වැටී තිබූ ගස් කිහිපයක් ඉවත් කිරීම සඳහා එක් නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් කටයුතු කරන ලදි.
මෙම මෙහෙයුම් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත බලසේනාධිපතිවරුන් හා අණදෙන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබීය. Nike sneakers | Nike Shoes, Sneakers & Accessories