17th June 2022 21:57:50 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ ‘පී සරා ඕවල්’ පිටියේදී පැවැති අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධාන 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත් වූහ.
කෝල්ට්ස්හිදී පැවති මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් වසර 6කට පසු ශූරතාවය යුද්ධ හමුදාව සතු කරගන්නා ලදී.
තරඟයේ වීරයා ලෙස යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක බළලත් නිලධාරි 1 සීක්කුගේ ප්‍රසන්න සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙස යුද්ධ හමුදා කෝප්රල් අශාන් රන්දික සම්මාන දිනාගනු ලැබීය.