Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2018 16:46:10 Hours

අධ්‍යාපන කටයුතු සඳහා යාපනයේ පාසල් සිසුන් 724 දෙනෙකු වෙත ආධාර

යාපනය මුත්තුතම්බි මහා විද්‍යාලය, යාපනය කොන්ඩාවිල් පරමජෝති විද්‍යාලය සහ යාපනය කොකුවිල් ස්ටේෂන් සි.සි.එම්.ටි. විද්‍යාලය යන පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් 724 දෙනෙකු සඳහා රු.1000/= ක වටිනාකමින් යුතු පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් නොමිලේ බෙදාදීම ‘ගුණ ජය සතුට’ පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතාගේ අනුග්‍රාහකත්වය යටතේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (4) දින සිදුකෙරිණි.

මෙහි සාමාරම්භක අවස්ථාව වශයෙන් යාපනය මුත්තුතම්බි මහා විද්‍යාලයේ සිසුන් 490 දෙනෙකුට පාසල් නිල ඇඳුම් කට්ටල බෙදාදීම බ්‍රහස්පතින්දා (4) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 511 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන යටතේ යාපනය මුත්තුතම්බි මහා විද්‍යාලයේ සිසුන් 490 දෙනෙකු,යාපනය කොන්ඩාවිල් පරමජෝති විද්‍යාලයේ සහ යාපනය කොකුවිල් ස්ටේෂන් සි.සි.එම්.ටි. විද්‍යාලයේ පාසල් සිසුන් 234 දෙනෙකු සඳහා ද වෙන් වෙන් වශයෙන් පාසල් නිල ඇඳුම් කට්ටල නොමිලේ බෙදාදීම සිදුකරන ලදී.

‘ගුණ ජය සතුට’ පදනමේ මෙහෙයුම් කළමණාකරු ආනන්ද ජයවර්ධන, නල්ලුර් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. තේවරාජා මහතා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මින්, දෙමාපියන් සහ පාසල් සිසුන් රැසක් මේ අවස්ථාව සඳහා එක්විය.

Nike air jordan Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE