22nd November 2019 19:10:06 Hours
නව ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩිමහල් සහෝදරයා වන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිවයිනේ 14 වන නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඓතිහාසික සුවිශේෂී උත්සවයකදී දිවුරුම් දුන් අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් අද (22) දින තාවකාලික භාරකාර ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලයට පත්වීම් ලිපි ලබාදෙමින් නව රජය පිහිටුවීමේ සිය අරමුණු ඉදිරිපත් කළේය.
නව අතිගරු ජනාධිපතිතුමන්ගේ මෙම සරල හා ආකර්ශනීය විධිමත් නව වැඩපිළිවලට අනුව නව පත්වීම්ලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කිරිමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ රාජකාරීන් ආරම්භ වූහ.
එම අවස්ථාව වර්ණවත් කරමින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ වූයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුද, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන් ජාතික ධජය හා ජනාධිපති ධජ මෙන්ම රාජ්‍ය ලාංඡන පෙරටු කරගනිමින් වේදිකාවට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුවය. එම පත්වීම් ලිපි ලබා දීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් කෙටි කතාවක් පවත්වමින් නව රජය තුළ වැඩ කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළේය.
එකම ආණ්ඩුවක් තුළ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහෝදරියන් දෙදෙනෙකු ශ්‍රී ලංකා ජනරජයේ ඉහළම පාලන තනතුරු දෙකක් භාරගත් ප්‍රථම අවස්ථාව මෙය වීම ඓතිහාසික සිදුවීමකි.Nike Sneakers | Nike Releases, Launch Links & Raffles