Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • 532 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    2023-03-18 21:00:22

    532 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    1 වන සේනාංකය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් 532 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සර දිනය නිමිතිකරගනිමින් එම බලසේනාවේ භටපිරිස් ආගමික වතාවත් සඳහා මුල්තැනක් ලබාදෙමින් හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය. මෙම සැමරුම් උත්සවය 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේදංක අල්විස් ගේ මඟපෙන්වීම මත සඳුන්පුර ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.

  • නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් අනිල් පීරිස් රාජකාරි අරඹයි

    2023-03-17 20:00:55

    නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් අනිල් පීරිස් රාජකාරි අරඹයි

    යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් අනිල් පීරිස් පසුගිය බදාදා (මාර්තු මස 15) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. බ්‍රිගේඩියර් අනිල් පීරිස් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

  • යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

    2023-03-16 20:35:52

    යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ ඒ යටතේ ස්ථාපිත රෙජිමේන්තු මධ්‍යස්ථාන ඇතුළු සියලුම යුද්ධ හමුදා කඳවුරුවල සේවයේ නියුතු භටපිරිස් ඇමතුවේය. පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම දේශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් සහභාගී වූහ. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම සහ යුද්ධ හමුදාව සතු වත්මන් කාර්යභාරයන් සඳහා පවතින අභියෝගයන් පිළිබඳවද දැනුවත් කළේය. යුද්ධ හමුදා සාමාජිකයකුට කාර්යක්ෂමතාවයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් පුහුණුව, සැලසුම් කිරීම සහ පුරෝකථනය කිරීම තුළින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.

  • තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

    2023-03-16 20:22:59

    තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

    යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී පසුගිය සඳුදා (13) දින රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ප්‍රියන්ත දිසානායක ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් සුජීව පෙරේරා මෙම ධූරය සඳහා පත්කෙරිණි. බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මීඨ ප්‍රථම එතුමන් 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.

  • යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂාධිපතිතුමන් රාජකාරි අරඹයි

    2023-03-15 19:46:24

    යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂාධිපතිතුමන් රාජකාරි අරඹයි

    විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ 14 වන විනයාරක්‍ෂාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා පසුගිය සඳුදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් ලක්‍ෂමන් බමුණුසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශ්‍රාම යෑමෙන් පසුව මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා මෙම ධූරය සඳහා පත්කෙරිණි. මීර පෙර එතුමන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙසෙ - උතුර ලෙස රාජකාරි සිදුකළේය.

  • 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

    2023-03-15 19:43:39

    11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

    4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ඩී.ආර් වීරපුර ගේ ආරාධනයකට අනුව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ පසුගිය සඳුදා (13) දින දඹුල්ල, කිරලගොල්ලේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සිදුකරන ලදී. සේනාංකාධිපතිතුමන් විසින් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයට පෙර එම ඒකකයේ භටපිරිස් ආරක්‍ෂාව සපයනු ලබන බෝවතැන්න සහ මොරගහකන්ද විදුලි බලාගාරයන් වෙත ද සංචාරය කරන ලදී. අනතුරුව කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එහිදී එම ඒකකයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. නිල සංචාරය අතරතුර, මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ එම ඒකකයේ සියලු භටපිරිස් අමතා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. සංචාරය සමාප්තියේදී එතුමන් විසින් එම ඒකකයෙහි විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

  • ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 10 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    2023-03-15 19:41:16

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 10 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

    සංවත්සර දිනයට සමගාමීව බණ්ඩාරවෙල, අඹේගොඩ, සිරිසඟබෝ ළමා නිවාසයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුදැරියන් වෙත දිවා ආහාර වේලක් පිරිනැමීම ඇතුළු වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. තවද, දියතලාව මූලික රෝහලේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීම මත යුද්ධ හමුදා භටපිරිස් විසින් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. සංවත්සර දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක වෙත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

  • යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලිය නිරීක්‍ෂණය කරයි

    2023-03-15 05:27:58

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලිය නිරීක්‍ෂණය කරයි

    යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලියේ සම්මාන ප්‍රධානෝත්වයට පෙර ඒ සඳහා සහභාගී වන සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තුවල කණ්ඩායම් වල නියෝජනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භූමියේ පැවති පෙරහුරු අභ්‍යාසයන් නිරීක්‍ෂණය කිරීම සඳහා....

  • මුදල් පසුම්බිය යලිත් හිමිකරුට ලබාදුන් සෙබලාගේ සේවය ඇගයේ

    2023-03-10 18:50:44

    මුදල් පසුම්බිය යලිත් හිමිකරුට ලබාදුන් සෙබලාගේ සේවය ඇගයේ

    හොරොව්පොතාන මහජන බැංකුවේ ATM යන්ත්‍රය තුළ ජනවාරි මස 11 දින දමා ගොස් තිබූ රුපියල් 70,400/= ක මුදල් සහිත පාර්සලයක් 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.කේ.ඩී.එස්. ධීරසිංහ වෙත හමුවීමෙන් අනතුරුව ඔහු එම මුදල හිමිකරු වෙත නැවත ලබාදීම ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා...

  • රණවිරු සෙවණේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

    2023-03-10 18:48:45

    රණවිරු සෙවණේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

    රාගම ප්‍රදේශයේ පිහිටි රණවිරු සෙවණේ නව සේනාවිධායක ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් භාතිය මදනායක පසුගිය අඟහරුවාදා (මාර්තු මස 07) දින සිය කාර්යාලයේදී පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. රණවිරු සෙවන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් භාතිය මදනායක වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.