Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2023 19:43:39 Hours

11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ඩී.ආර් වීරපුර ගේ ආරාධනයකට අනුව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ පසුගිය සඳුදා (13) දින දඹුල්ල, කිරලගොල්ලේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිල සංචාරයක් සිදුකරන ලදී. සේනාංකාධිපතිතුමන් විසින් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයට පෙර එම ඒකකයේ භටපිරිස් ආරක්‍ෂාව සපයනු ලබන බෝවතැන්න සහ මොරගහකන්ද විදුලි බලාගාරයන් වෙත ද සංචාරය කරන ලදී. අනතුරුව කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එහිදී එම ඒකකයේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. නිල සංචාරය අතරතුර, මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ එම ඒකකයේ සියලු භටපිරිස් අමතා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. සංචාරය සමාප්තියේදී එතුමන් විසින් එම ඒකකයෙහි විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.