Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2023 18:50:44 Hours

මුදල් පසුම්බිය යලිත් හිමිකරුට ලබාදුන් සෙබලාගේ සේවය ඇගයේ

හොරොව්පොතාන මහජන බැංකුවේ ATM යන්ත්‍රය තුළ ජනවාරි මස 11 දින දමා ගොස් තිබූ රුපියල් 70,400/= ක මුදල් සහිත පාර්සලයක් 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.කේ.ඩී.එස්. ධීරසිංහ වෙත හමුවීමෙන් අනතුරුව ඔහු එම මුදල හිමිකරු වෙත නැවත ලබාදීම ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායකගේ මුලපිරීමකට අනුව පසුගිය බදාදා (08) දින ඔහුගේ මීලඟ නිලයට උසස්වීමක් ලබාදුන් අතර ඔහු වෙත ඇගයීම් සහතිකපත්‍රයක් ද පිරිනමනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් ලාන්ස් කෝප්‍රල් ආර්.කේ.ඩී.එස්. ධීරසිංහ සිය කාර්යාලය වෙත කැඳවීමෙන් අනතුරුව ඔහුගේ අවංකභාවය අගය කරමින් නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ඉදිරියේදී ඔහු වෙත ‘ප්‍රණාම ප්‍රසාද උපහාර’ ඇගයීම් සහතිකය ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන්ගේ නිර්දේශය මත ඔහු කෝප්‍රල් නිලයට උසස් කරනු ලැබීය.

ජනවාරි මස 11 දින හොරොව්පොතාන මහජන බැංකුවේ ATM යන්ත්‍රය තුළ දමාගොස් තිබූ රුපියල් 70,400/= ක මුදලක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන පාබල සේනාංකයට අයත් 623 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.කේ.ඩී.එස්. ධීරසිංහ විසින් එම මුදලේ හිමිකරු වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ජනක විජේසිරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් සුසන්ත ජයමාන්න, 5 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ආර්.ඩී.කේ. හේරත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.