Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2023 20:35:52 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ ඒ යටතේ ස්ථාපිත රෙජිමේන්තු මධ්‍යස්ථාන ඇතුළු සියලුම යුද්ධ හමුදා කඳවුරුවල සේවයේ නියුතු භටපිරිස් ඇමතුවේය. පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම දේශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් සහභාගී වූහ. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම සහ යුද්ධ හමුදාව සතු වත්මන් කාර්යභාරයන් සඳහා පවතින අභියෝගයන් පිළිබඳවද දැනුවත් කළේය. යුද්ධ හමුදා සාමාජිකයකුට කාර්යක්ෂමතාවයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් පුහුණුව, සැලසුම් කිරීම සහ පුරෝකථනය කිරීම තුළින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවද එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ලබාදෙනු ලබන සුබසාධන ප්‍රතිලාභ පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී අවධාරණය කරනු ලැබීය. දුෂ්කරතා මධ්‍යයේ වුවද සියලුම නිලයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනු ලබන බව ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාවලියට සහය දැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ මහජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගය අවශ්‍ය වන බවත් පැවසීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ