Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2023 19:46:24 Hours

යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂාධිපතිතුමන් රාජකාරි අරඹයි

විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ 14 වන විනයාරක්‍ෂාධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා පසුගිය සඳුදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් ලක්‍ෂමන් බමුණුසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විශ්‍රාම යෑමෙන් පසුව මේජර් ජෙනරල් ක්ලිෆර්ඩ් ද සොයිසා මෙම ධූරය සඳහා පත්කෙරිණි. මීර පෙර එතුමන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙසෙ - උතුර ලෙස රාජකාරි සිදුකළේය.