Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2023 20:00:55 Hours

නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් අනිල් පීරිස් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් අනිල් පීරිස් පසුගිය බදාදා (මාර්තු මස 15) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. බ්‍රිගේඩියර් අනිල් පීරිස් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් අනිල් පීරිස් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ධූරය හෙබවූවේය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් අනිල් පීරිස් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ධූරය සඳහා පත්කෙරිණි. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ