Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2023 05:27:58 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලිය නිරීක්‍ෂණය කරයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවර කෝදු තරඟාවලියේ සම්මාන ප්‍රධානෝත්වයට පෙර ඒ සඳහා සහභාගී වන සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තුවල කණ්ඩායම් වල නියෝජනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භූමියේ පැවති පෙරහුරු අභ්‍යාසයන් නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඉකුත් අඟහරුවාදා (14) දින සහභාගී වූයේය. අනතුරුව එතුමන් විසින් මෙම උත්සවයේ සංවිධාන කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව සංවිධායක මණ්ඩලය අමතා සමාප්ති උත්සවය සාර්ථකව පවත්වාගැනීම සඳහා උපදෙස් ලබාදුන්නේය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වීමට නියමිතව ඇත. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.