Header Block Tamil

இலங்கை இராணுவம்

தேசத்தின் பாதுகாவலர்

15th June 2023 19:59:31 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (12) දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූව ධූරයේ රාජකාරි භාරගත්තේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්තමක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.

රාජකාරි භාරගැනීමේ සමාරම්භක උත්සව අවස්ථාවට හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගම් නියෝජනය කරමින් පූජකවරුන් පැමිණ සිටි අතර එහිදී ඔවුන් නව ආඥාපතිතුමන් වෙත ආශිර්වාද එක් කළහ. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කල අතර, පසුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පලාලි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

උත්සව අවස්ථාව සඳහා 51, 52 සහ 55 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුලු සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.