Header Block Tamil

இலங்கை இராணுவம்

தேசத்தின் பாதுகாவலர்

03rd June 2023 00:14:53 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාල ක්‍රිකට් ශූරතාවය 27 වනි කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක - 02 කණ්ඩායමට

බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දී පසුගිය සඳුදා (මැයි මස 29 වන) දින පැවති දෙවන ත්‍රෛමාසික ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට 27 වන කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක 02 කණ්ඩායම සමත් විය.

තරඟාවලිව සඳහා යුද විද්‍යාල කාර්යය මාණ්ඩලය නියෝජනය කරමින් කණ්ඩායම් තුනක්, ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව අංක - 08 වෙතින් කණ්ඩායම් දෙකක්, කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක - 27 වෙතින් කණ්ඩායම් පහක් සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව අංක - 24 වෙතින් කණ්ඩායම් දෙකක් තරඟ කළහ. අවසන් මහා තරඟය සඳහා කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක - 27හි අංක 02 කණ්ඩායම සහ යුද විද්‍යාල කාර්යය මාණ්ඩල කණ්ඩායම අංක 01 සුදුසුකම් ලබාගත් අතර, එහිදී යුද විද්‍යාල කාර්යය මාණ්ඩල කණ්ඩායම පන්දුවාර 5 කට කඩුලු 2 ක් දැවී ලකුණු 91 ක් ලබා ගත් අතර, කනිෂ්ඨ අණදෙන පාඨමාලා කණ්ඩායම පන්දුවාර 5 තුල කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 93 ක් ලබා ගනිමින් ශූරතාවය හිමිකර ගන්නා ලදී.

යුද විද්‍යාල අධ්‍යක්‍ෂක මාණ්ඩලික කණ්ඩායමේ මේජර් වී.එම් හපුආරච්චි ලකුණු 47 ක් ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීයා වූ අතර, එම කණ්ඩායමේ මේජර් කේ.ජී.ජී ගුණරත්න තරඟාවලියේ වීරයාට හිමි සම්මානය හිමිකර ගත්හ. තරඟාවලියේ දක්‍ෂතම පිතිකරු ලෙස කනිෂ්ඨ අණදෙන පාඨමාලා කණ්ඩායමේ මේජර් එච්.පී.එම්.බී.එම් පලිහක්කාර සම්මානය හිමිකර ගත් අතර, එම කණ්ඩායමේ මේජර් පී.එම්.එස්.වයි ප්‍රනාන්දු තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා විය.

අවසන් තරඟය පැවති දින උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර, එහිදී එතුමන් ඇතුලු එම විද්‍යාලයේ ප්‍රධාන උපදේශකතුමන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සමඟ එක්ව ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සම්මාන ප්‍රදානය කරන ලදී. අවසන් තරඟයෙන් පසු පැවති උත්සව අවස්ථාවේදී ශිෂ්‍ය නිලධාරීන් විසින් විනෝදාත්මක අංග රැසක් ද ඉදිරිපත් කරන ලදී.