Header Block Tamil

இலங்கை இராணுவம்

தேசத்தின் பாதுகாவலர்

12th April 2023 10:16:02 Hours

අලුත් අවුරුදු සංගීත ප්‍රසංගය පනාගොඩ කඳවුරු පරිශ්‍රයේදී පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේ සංවිධානය කරන ලද සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගය ඉකුත් සඳුදා (10) දින සන්ධ්‍යාවේදී යුද්ධ හමුදා නවක ගායක ශිල්පීන් සහ ජනප්‍රිය කලාකරුවන් කීපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සංගීත කණ්ඩායම එක්ව පවත්වන ලද ‘Ranaviru Fiesta 2023’ සංගීත ප්‍රසංගය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සහභාගී වූයේය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

සංගීත සන්ධ්‍යාව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදාධිපති අභියෝගතා වොලිබෝල් ශුරතාවලිය - 2023 ජයග්‍රාහකයන් වෙත හිමි කුසලාන, සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය කරන ලදී. ඒ අනුව තරඟාවලියේ ශූරතාවය ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වොලිබෝල් කණ්ඩායමටත් අනුශූරතාව 143 පාබල බලසේනා වොලිබෝල් කණ්ඩායමටත් හිමි විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී උපදෙස් මත ‘Ranaviru Fiesta 2023’ සංගීත ප්‍රසංගය පැවැත්වූ අතර, එම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, බලඇණි සහ එම මූලස්ථානයෙහි රාජකාරියෙහි නියුතු සියලුම භටපිරිස් සහභාගී වූහ. මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ හමුදා භටපිරිස්හි සෞන්දර්ය සහ ගායන කුසලතා හැකියාවන් වැඩිදියුණු කිරීමයි.