3rd October 2025
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් 2025 ඔක්තෝබර් මස 01 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන (විශ්‍රාමික) USP MBBS MRCP (UK) FRCP (UK), උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොනරාගල USP, උපදේශක ප්‍රජා වෛද්‍ය මේජර් පී. ඒ. එස්. ඩී ජෝතිපාල සහ ආහාරවේදී මේජර් ඒ. සී. කේ උඩුගම යන නිලධාරින් ඇතුළත් වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී.
මෙම දේශනය අතරතුරදී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සෞඛ්‍යමත් පැවතුම්, ආතති කළමනාකරණය, පෝෂදායී ආහාර පිළිවෙත් යන ප්‍රධාන මාතෘකා යටතේ කරුණු සාකච්ඡා කෙරිණි. නිලධාරින් 84 දෙනෙකු සහ සෙසු නිලයන් 254 දෙනෙකු මෙම දේශනයට සහභාගී වූ අතර, ස්ථාන 47ක සිට නිලධාරින් 197 දෙනෙකු සහ සෙසුනිලයන් 2180 දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා සම්බන්ධ විය.